ජීවිතේට කාටවත්ම නෑ මා.....


ප්‍රශ්නෙට උත්තරේ තිබුණේ මගෙ හිතේ. ඒකත් මහ පුදුම දෙයක්. කොහොමහරි ඔය අතරේ අරොයි මමයි තීරණය කලා මැනේජ්මන්ට් ඉගෙන ගන්න. එතකොට අපි දැනගෙන හිටියේ නෑ අපි විශ්ව විද්‍යලයට තේරිලා කියලා. මාර සීන් එක කියන්නේ අපි මැනේජ්මන්ට් යනවා කිව්වාම සුමා විතරක් නෙවෙයි නදීශත් එන්න තීරණය කලා. කොහොම හරි අපි යන අලුත් පන්තියේ පලවෙනි දවසේ මට ඇති උනේ මාර සතුටක් ඇයි කියන්න දන්නේ නෑ. චම්තුත් නදීශ එක්ක පන්තියට එන්න අරං. හිතට මොකද්දෝ ෆිට් එකක් ආවා කවදාවත් නැතුව." උඹට බඩ්ඩක් කියන්නද?" ඔන්න ආයෙමත් ලොකු රහසක් කියන්න වගේ අරෝ මගෙ කනට ලං උනා. " ඉතිං කියපං" නදීශලා ඇයි දන්නවද මැනේජ්මන්ට් කරන්නේ" මම හිනා වෙලා අරෝ දිහා බැලුවා. මම බබාද ඒක දන්නේ නැති, මොකද මේ දවස් වල නදී අරෝ අපායට ගියත් එනවා. " මොකද මම දන්නේ නැත්තේ?, මේ දවස් වල නදී නොයන්න උඹත් එක්ක ටොයිලට් විතරනේ" මම ඇඟට නොදැනී කිව්වා. මම කිව්වේ බොරු නෙවෙයි. " නෑ මෝඩියේ මේ සැරේ මම නිසා නෙවෙයි උන් ක්ලාස් එන්නේ" මට හිනා ගියා. " එහෙනම් ඉගෙන ගන්නද?" ඒක නම් කොහොමත් වෙන්න බෑ. " ඔය බලපංකෝ උඹටනම් මොලේ කලඳක් නෑ" පහුගිය දවසක උඹට චමත් හම්බ උනාද හංදියේදි" මම හොල්මන් උනා. ෂුවර් එකටම ඕක චමත් නදීශට කියලා නදීශ මෙයාට කියන්න ඇති. " ඔව්නේ... මට උඹට කියන්න අමතක උනා" අරෝ මා දිහා බලල හිනා උනේ නම් කිණ්ඩියට " උඹට අමතක උනාද? අමතක වෙලා වගෙ අමතක කලාද?" මේ මොකද්ද දැං මේකි කියන හරුපේ " හරි දැං ඒකෙයි මේකෙයි මොකද්ද තියන සම්බන්දේ?" අරෝ පොතක් අස්සෙන් කාඩ් එකක් දාපු කවරයක් අරං මට දුන්නා "මෙන්න මේක තමයි ඒකයි මේකයි අතර තියන සම්බන්දේ, මේක චමත් උඹට දෙන්න කිව්වා" මට නිකං සන්නිය හැදීගෙන එනව වගේ දැනුනා. අතපය ඇඟ ඇතුලෙන් වෙව්ලනවා. කාඩ් එක අතට අරගත්තා.මට යන්තමට පේනවා ඒ පැත්තේ සෙට් එකම මා දිහා බලගෙන ඉන්නවා වගේ. මට බලන්නත් ලැජ්ජයි. මම කාඩ් එක පොතක් අස්සේ දාගත්තා. " ඕක දැං බලපං..." මම තවත් පිස්සු උනා. "දැං....???" අරෝ මම ඒක දැම්ම පොත අස්සෙන් අරං මගේ අතේම තිබ්බා. පපුව පිටි මෝල ස්ටාට් කරලා වගේ. වස නෝන්ඩියයි අත පය ගැහෙනවා හැට පැනලා වගේ. කාඩ් එක ඇරියා. ඒකෙ මුලම තිබුනේ ටෙඩි බෙයාර් කෙනෙක් I Love You කියලා අල්ලන් ඉන්නවා.ඇතුල බලන්න මම ඒක ඇරියා. පුන්චි කවියක් ඒකෙ තිබ්බා
' පැනයක් ඇත මගෙ හද තුල කැකැරෙන
නොදැනෙයි අසන්නට ක්‍රමයක් බලගෙන
නුඹගැන සිතක් ඇත මා හද පුරාගෙන
තරහ නැතිව බහ දීපං කල් නොගෙන

මේ ප්‍රශ්නේට උත්තරේ 'හා' නම් මේ පැත්ත බලන්න. 'බෑ' නම් කාඩ් එක අරෝට දෙන්න. මට ගොඩාක් දුක හිතෙයි ඒත් තරහ නෑ' ඔන්න ඔහොම ලියලා තිබ්බා. මගේ පපුව ඉලෙක්ට්‍රික් මෙෂිමක් වගේ ඒත් මම හිතන්නත් කලිං මගේ ඇස් දෙක චමත් දිහාවට හැරුනා. එදා එයාගේ කටට ආව සංතෝසෙ නම් කියාගන්න මටත් බෑ. අනේ මන්දා මට නම් තේරුමක් නෑ කිසිම හිතිල්ලක් නැතුව මම ඇයි චමත් දිහා බැලුවේ කියලා ඒත් දැං මට හිතන්න කල් ඉල්ලන්න බෑ. මම උත්තරේ දීලා ඉවරයි.


නොදැක විදපු දුක ගැන මම පස්සේ ලියන්නම්



1 comments:

කෝසල said...

කියවන්න පටන් ගත්තෙ කොහොමද කියල මට මතක නෑ.ඒත් හිතට අල්ලපු නිසා දිගටම කියෙව්ව. මම කියවන්න කැමති කෙනෙක් නෙවෙයි. ඉස්සර "අඹ යාළුවෝ" කියෙව්වා මතකයි. පත්තරේක උනත් මම කියෙව්වෙ දවසේ cartoon ‍විතරයි.
ඒත් දුල්හරිගෙ blog එක දැක්කහම කියවන්න ආස හිතුණ. ඒකයි comment එකක් දාන්න හිතුවෙ.
දිගටම ලියන්න.... මම හැමදාම බලනව blog එක update කරලද කියල....

Post a Comment