ප්ලෑන් එකේ හැටියට අමාරුම වැඩේ පැවරිල තිබ්බේ මට. අපේ අම්මා නම් අපිට දුන්නේ මාර සපෝට් එකක්. කොහොම හරි මට අරෝව ගෙදරින් පන්න ගන්න ඕනෙ උනා.... ඒත් කිසිම විදියකින් අරෝට අරෝලාගෙ ගෙදරින් එළියට බහින්න විදියක් තිබ්බේ නෑ. අනේ මම හැමවෙලේම කල්පනා කලේ හොඳ හේතුවක් අරෝව ගෙදරින් අරං එන්න. මට අරෝගෙ අම්මාගෙ විශ්වාසෙ කඩා ගන්න නම් තිබ්බේ දුකක්, එයා මටත් අම්මා කෙනෙක් වගේ ඒත් මගේ හොඳම යාලුවාගෙ ඇස් වල කඳුලු සදහටම නැති කරලා දාන්න මට ඒ කැප කිරීම කරන්න උනා. අපේ ගෙදර හැම අවුරුද්දකම දෙන දානෙත් ලඟ ලඟම එන නිසා මම අන්තිම තුරුම්පුව විදියට දානෙ ගැන කියලා අරෝව ගෙදරින් එළියට ගත්තා. අරෝගෙ වාසනවට එයා මුරකාවල් නැතුව ගෙදරින් එළියට අඩිය තිබ්බා. මේ වනකොට අපේ ගැන්සියම දැනගෙන හිටියා අරෝ පෙබරවාරි 17 වෙනිදා නිදහස් වන බව ඒ නිසා ලහි ලහියේ හැම දේම සූදානම් කලා. මරුම වැඩේ කියන්නේ මම තමයි අරෝගෙ හැට්ටේ මිම්ම හිටන් මැනගෙන ගියේ. අපි ඔක්කොමලගේම වියදමින් වැඩේ ලස්සනට කරගෙන ගියා. පෙබරවාරි 17 ආවා. අරෝව මම අරං එන්න එයාලාගේ ගෙදර ගියා. ඒත් හිතට එකඟව එයාලගෙ අම්මාගේ මුණ බලන්න මට බැරි උනා. අර හොර වැඩක් කරද්දී දැනෙන බය මටත් ඇවිල්ලා. අරෝ තව එක ඇඳුමකුත් බෑග් එකේ දාගෙන අම්මේ මම ගිහිං එන්නම් කියලා වැන්දා. මට ඒ වෙලාවෙ නම් පපුව පලාගෙන යන්න එනවා වගේ දැනුනා. ඒත් ඉවසන දනා රුපුනුදයට නැති කඩුව කොස් කොටන්නද කිව්වලු. මම ඉවසීමයි කඳුළු ටැප් එකයි ඛ්‍රේක් ගහගෙන හිටියා. හදිස්සියේ හරි මගේ ටැප් එක ඇරියානම් ඔක්කොම මාට්ටු. අරෝ හිත යටින් සතුටු උණත් තමන්ගේ අයව දාල යද්දී දැනෙන දුකෙන් මිරිකිලා හිටියේ. මට මෙහෙම නම් එයාට කොහොම දැනෙනවා ඇද්ද?. අපි දෙන්නා බස් එකේ යන්න පිටත් වෙන බව ඇඟෙව්වට චමත් මඟට අවිල්ලා හිටියා. අරෝ චමත් එක්ක ඉන්න නදීව දැකල මූනේ මල් පුරෝ ගත්තා. දැං නම් මල් වත්තක් වගේ මූණ. ආදරේ කියන්නේ මොන තරං ලස්සන දෙයක්ද කියලා හිතෙනවා මැලවුණු මූනක් අයේ පිපිලා තියනව දැක්කාම. අපි හතර දෙනාම ගියේ අපේ ගෙදර. අරෝව ලස්සනට අන්ඳගෙන අපි පිටත් උනේ රෙජිස්ටාර් ගාවට. අපේ ඔක්කොමලා හිටියා ඒත් අපි කාගෙවත් වැඩිහිටියෝ එතන හිටියේ නෑ. වාක්‍ය පිට වාක්‍ය කියලා ඒ දෙන්න අර තඩි පොතේ අත්සන් කලා. ඒ දෙන්න නීතියෙන් එකතු උනා. ඒත් හවස අපි උන් දෙන්නාව පෝරුවක නග්ගලා බන්දන්න වැඩ ඔක්කොම ලෑස්ති කරලා තිබ්බා. ඒ අතර සෙනු අඬන්න පටන් ගත්තා... මොකටද දන්නවාද? නදී ඇත්තටම කසාද බැන්දා කියලා. පව් තමයි ඒත් ඒකිගේ තියන ගොන් කමට අපි මොනා කරන්නද.
අරෝලාගෙ වෙඩින් එකේදි වෙච්ච දේවල් මම පස්සේ ලියන්නම්
තවත් එක් දවසක්
අහස යට....
අපේ ජීවිතයේ එක එක අත්දැකීම් තියනවා.... ඒවා අපි ලියන්න පුරුදු වෙලා ඉන්නේ දිනපොතක... ඒ පොතට අතිශයෙන්ම පෞද්ගලිකයි කියල ලේබල් එකකුත් ගහලා.... එත් ලෝකේ ප්‍රසිද්ධය අයගෙ දිනපොත් අරන් ප්රකාශනයට පත් කරනවා අතිශය පෞද්ගලිකත්වය වැඩිම අලවියාකට පත් වෙන්න. ඒ ඒවා පෞද්ගලික හින්දා නෙවෙයි.. ඒ අත්දැකීම් සමාජීකරණය වන නිසා. මමත් හිතුවා අපි අපේ අතිශය පෞද්ගලික නොවෙන එදිනෙදා සිදුවෙන පුංචි පුංචි අත්දැකීම හැමෝම එක්ක බෙදා ගන්න. ඔන්න මම මේ ප්‍රසිද්ධයි එහෙම කියනවා නෙවෙයි. මේ දේවල් කියවලා ඔයාලා හිනාවේවි... අඬාවි... ඔයලාගේ ජීවිතත් එක්ක සසඳාවි .... ඒත් අන්තිමට මේ හැමදෙයක්ම රසවින්ඳනයකින් කෙලවර වේවි.
පරමාර්ථය එයයි..... මම කැමතියි කියන්න මේ සිද්දීන් 100%ම සත්‍ය නම් නෑ. සමහර දේවල් මනඃකල්පිතයි. මොකද මම මේවා කෙනෙක්ට අපහස කරන්න ලියන්නේ නැති නිසා. කියවලා බලල මොනාහරි අඩුපාඩු තියනවනම්, එහෙමත් නැත්නම් හදා ගන්න දේවල් තියනවානම් මට කොමෙන්ට් කරන්න. මේ මගේ වගේම තව ගොඩාක් දෙනෙක්ගේ රසවත්ම සිදුවීම් පිටුවයි
පරමාර්ථය එයයි..... මම කැමතියි කියන්න මේ සිද්දීන් 100%ම සත්‍ය නම් නෑ. සමහර දේවල් මනඃකල්පිතයි. මොකද මම මේවා කෙනෙක්ට අපහස කරන්න ලියන්නේ නැති නිසා. කියවලා බලල මොනාහරි අඩුපාඩු තියනවනම්, එහෙමත් නැත්නම් හදා ගන්න දේවල් තියනවානම් මට කොමෙන්ට් කරන්න. මේ මගේ වගේම තව ගොඩාක් දෙනෙක්ගේ රසවත්ම සිදුවීම් පිටුවයි
පටුන
මගේ තවත් පිටු
මිතුරු කැල
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment