නොදැක විඳින්න වෙන දුක තරම් දුකක් මම මීට කලින් විඳලා නෑ. ඒත් අපි මැනේජ්මන්ට් ඉගෙන ගත්තත් නැතත් අපි අපිව දකින්න වග බලා ගත්තා. ඒක එක පාරටම ඛ්‍රේක් ගැහුවා වගේ නැවතුනේ අපේ කෝස් එක මාස තුනෙන් ඉවර උනාට පස්සේ. අනේ අම්මෝ මේ මොනා වෙන්න එනවද කියල මට හිතා ගන්න බෑ.කොහොමහරි චමත් එන්න එන්නම මට නොදැක ඉන්න බැරි තත්වයට පත් උනා. එයාටත් එහෙමයිලු. මම දන්නේ නෑ අරෝයි කිව්වේ. මම අපේ අම්මට යන්තං එහෙං මෙහෙං හැම දෙයක්ම කියල තිබ්බා. දවසක් හදිස්සියේ අපේ ගෙදර බෙල් එක වැදුනා. මම ලාවට වගේ ජනෙල් රෙද්ද එහාට මෙහාට කරලා බැලුවා කවුද කියලා. හීනෙකින්වත් නොහිතපු විදියට චමත් ගේට්ටුව ලඟ. " මොකද ඔතනට වෙලා හැංගිමුත්තම් කරන්නේ. බලන්නකෝ කවුද ආවේ කියලා" අම්මා කියද්දී මාව උඩ ගියා තව්තිසාව පේන මානයට. " අම්මේ චමත්" මට එච්චරයි කියන්න පුලූවං උනේ. අම්මට බකස් ගාල හිනා ගියේ මගෙ මූන පුරා තිබ්බ දාඩිය දැකලා වෙන්න ඇති. අනේ අම්මපා මට කට නම් තියනව වක්කඩ වගේ ඒත් පොඩ්ඩ ඇත්නම් දාඩිය දානව බයට. " එහෙනම් යනවා මෙතනින් මම බලා ගන්නම් මොකටද මෙහෙ ආවේ කියලා" අම්ම හිනාව හංගන් කිව්වාට මට තේරුනා. මම අපේ අම්මාව දන්නවනෙ ඒ නිසා පොඩ්ඩක් එහාට ගිහින් ඇහෙන පේන තෙක් මානෙට වෙලා සිද්දිය බලාගෙන හිටියා. මොනා උනත් දැං මට දැක ගන්න පුලුවන්නේ.... අම්මා දොර ඇරියා. චමත් ඇතුලට ආවා. කිරි අප්පට අහල පහල ඔක්කොම බල්ලො බිරුවා වගේ මෙන්න චමත්ටත් දාඩිය දාලා. මට එතකොට නම් ජොලි. මම දන්නව මම නම් මහා නපුරුයි කියලා. " ඇයි?" අපේ අම්මා නම් ඇත්තටම රඟපාන්න යවන්න තිබ්බේ. තාත්විකව කරන්න ඕනෙ සීන් එක කරනවා. " ඇන්ටි මම මේ... මේ.... " මගේ නම අමතක වෙලා වගේ ඇදෙනවා. " ඇයි කවුද?" අපේ අම්මා නම් මාරයි. මූනෙ හිනා කඳුලක් නෑ. " දුලා ඉන්නවාද???? " අම්මා මම ආව පැත්ත බැලුවා. එයටවත් මාව පෙන්නෙ නෑ ඒ තරම් මම හැංගිලා " එයා මොකටද? මොකද්ද උවමනාව" මම දැක්කා එයා ටිකක් ලොකු හුස්මක් අරං පහලට දානවා " මම මේ එයාගේ පොලිටිකල් පොත ඉල්ලගන්න ආවේ. " කෑවනේ රස්සාව මම පොලිටිකල් කලාද? මූ ඒක වත් දන්නේ නෑනෙ. " මම දන්න තරමින් නම් එයා පොලිටිකල් කලේ නෑ" අම්ම නිකන් ඩෝන්ට් කෙයාර් එකේ කිව්වා. මට පණ යන්න හිනා. " ආ.. ඔව්මයි පොලිටිකල් කලේ අරෝනේ" ඔන්න තව පාරක් ඇන ගත්තා. අරෝ පොලිටිකල් කලෙත් නෑ. ඒකත් අම්මා දන්නවා. " එයාත් පොලිටිකල් කලේ නෑනෙ. " චමත්ට කෙල ගිලෙන්නෙත් නෑ. "එහෙනම් වෙන කෙනෙක් වෙන්න ඇති. කමක් නෑ.... සිංහල පොත ඉල්ල ගන්නත් ඕනෙ" ඔන්න ඔහොම දන්න දේ කිව්වනම් ඉවරනේ. අම්මා හිනාව තද කරගෙන මම හිටිය පැත්තට ආවා. " අන්න සිංහල පොත ගිහින් දෙනවා. පොතත් එක්ක අර කූල් ඩ්‍රින් එකක් හදාගෙන යනවා, පව් උගුර කටත් වේලිලා මගෙ ප්‍රශ්න වලට උත්තර දීලා" අම්මා එහෙම කියාගෙන කුස්සියට ගියා. මම සිංහල පොත අරං ලඟට යනකං ඉන්න බැරුවා හිනා ගියා. චමත් මගෙ දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳලා ඇහුවා " ඒ ඔයාලගෙ අම්මා නෙවෙයිද?" කියලා. මම කිව්වා "අම්මා තමයි ඒත් අද එයා ඔයාව හිතේ හැටියට බයිට් කලා" කියලා. මම හිතුවේ තරහ යයි කියලා ඒත් එහෙම උනේ නෑ.
සාමකාමී බව අස්සේ සිද්ධ වෙච්ච දේවල් මම පස්සේ ලියන්නම්
තවත් එක් දවසක්
අහස යට....
අපේ ජීවිතයේ එක එක අත්දැකීම් තියනවා.... ඒවා අපි ලියන්න පුරුදු වෙලා ඉන්නේ දිනපොතක... ඒ පොතට අතිශයෙන්ම පෞද්ගලිකයි කියල ලේබල් එකකුත් ගහලා.... එත් ලෝකේ ප්‍රසිද්ධය අයගෙ දිනපොත් අරන් ප්රකාශනයට පත් කරනවා අතිශය පෞද්ගලිකත්වය වැඩිම අලවියාකට පත් වෙන්න. ඒ ඒවා පෞද්ගලික හින්දා නෙවෙයි.. ඒ අත්දැකීම් සමාජීකරණය වන නිසා. මමත් හිතුවා අපි අපේ අතිශය පෞද්ගලික නොවෙන එදිනෙදා සිදුවෙන පුංචි පුංචි අත්දැකීම හැමෝම එක්ක බෙදා ගන්න. ඔන්න මම මේ ප්‍රසිද්ධයි එහෙම කියනවා නෙවෙයි. මේ දේවල් කියවලා ඔයාලා හිනාවේවි... අඬාවි... ඔයලාගේ ජීවිතත් එක්ක සසඳාවි .... ඒත් අන්තිමට මේ හැමදෙයක්ම රසවින්ඳනයකින් කෙලවර වේවි.
පරමාර්ථය එයයි..... මම කැමතියි කියන්න මේ සිද්දීන් 100%ම සත්‍ය නම් නෑ. සමහර දේවල් මනඃකල්පිතයි. මොකද මම මේවා කෙනෙක්ට අපහස කරන්න ලියන්නේ නැති නිසා. කියවලා බලල මොනාහරි අඩුපාඩු තියනවනම්, එහෙමත් නැත්නම් හදා ගන්න දේවල් තියනවානම් මට කොමෙන්ට් කරන්න. මේ මගේ වගේම තව ගොඩාක් දෙනෙක්ගේ රසවත්ම සිදුවීම් පිටුවයි
පරමාර්ථය එයයි..... මම කැමතියි කියන්න මේ සිද්දීන් 100%ම සත්‍ය නම් නෑ. සමහර දේවල් මනඃකල්පිතයි. මොකද මම මේවා කෙනෙක්ට අපහස කරන්න ලියන්නේ නැති නිසා. කියවලා බලල මොනාහරි අඩුපාඩු තියනවනම්, එහෙමත් නැත්නම් හදා ගන්න දේවල් තියනවානම් මට කොමෙන්ට් කරන්න. මේ මගේ වගේම තව ගොඩාක් දෙනෙක්ගේ රසවත්ම සිදුවීම් පිටුවයි
පටුන
මගේ තවත් පිටු
මිතුරු කැල
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment