ජපන් කියන්නේ මම A/L වලට තෝර ගත්ත විශයන් වලින් එකක්. මම හිතා ගත්තේ ආට්ස් කරන්න. ලියන්න කියවන්න තිබ්බ උණ නිසා සිංහල වලටත් මම මාර ආසවක් දැක්වුවා. මොකද සිංහල කියන්නේ මාව සිංහ වංශයට ඇදලා දැම්ම විශයක්නේ. ඉතිං අනික් විශය උනේ සිංහල සංගීතය. ගොඩාක් කට්ටිය කිව්වේ අච්චාරුවක් කියලා. කිසිම තේරුමක් නැති විශයන් ටිකක් කියලා. ඒත් මම කලේ මට කරන්න පුලුවන් දෙය. ජපන් කරන්න පුලුවන්ද බැරිද කියල අයිඩියා එකක්නම් තිබ්බේ නෑ. ඒත් වෙන භාෂාවකින් කච බච ගාන්න ආසාවක් තිබ්බා. මම ඉතිං ජපානෙ ගැනත් අරව මේව පොත් කියෙව්වා. නිකං හීනෙන් වත් ජපන් යන්න පුලුවං උණොත් කියලා. කොහොම හරි ඕ ලෙවල් රිසල්ට්ස් එන්නත් කලින් අපි ඒ ලෙවල් වලට ක්ලාස් යන්න පටන් ගත්තා. ඒක සාමන්‍ය හැටියනේ. මගේ ෆිට් එක නිසාම අරෝත් ආට්ස් වලට බැස්සා... තව සුමා, ඒකිත් ආට්ස් කලා. මුන් දෙන්නම කැමති ගනන් වලට ඒත් අපේ ෆිට් එක නිසාම මුන් ඒවා අත ඇරලා මාත් එක්ක සෙට් උනා.හැබැයි මට ගනන් වලට හැකියාවක් තිබ්බනම් මමයො මත්ස් කරන්නේ. හොඳ වෙලාවට මට ගනන් බෑ. ඕක තමයි පව කියන්නේ. ඒත් මොනා කරන්නද අපි තුන් දෙනා ගොඩාක් සතුටු උණා ආයේ එකට ක්ලාස් යන්න. එකට එක පංතියේ ඉන්න. සුමයි අරොයි දෙන්නම මාත් එක්ක සිංහල කලාට අපේ අනිත් සබ්ජෙක්ට් වෙනස් උනා. මොකද ජපන් උණක් මට තිබ්බට ඒ දෙන්නට ඒක තිබ්බේ නෑ. සිංහල වලට අපි ලංකාවේ හොඳම සිංහල ගුරුවරයා ලඟට ගියා. මාරයි ඒක නම්. ඉතිං ජපන් වලට ක්ලාස් එකක් හොයා ගන්න අමරු උනාම අපේ අම්ම හැම තැනින්ම අහලා බලලා ජපන් උගන්නන්න ගෙදරටම සර් කෙනෙක්ව සෙට් කර ගත්තා. ඔහොම ඒ කාලේ ගෙවිලා යද්දි. බොරුවට අරවට මේවට අපි ඉස්කෝලෙ පැත්තේ යන්න අමතක කලෙ නෑ. වැඩිපුරම අපි ඉස්කෝලෙ ගියේ වල බහින්න. පන්තියක්වත් තිබුනේ නැති අපි වල බැස්සෙ ගහක් යට, එහෙම නැත්තනම් කැන්ටිම ඉස්සරහා.
මේ අතර තුර අපි ලකුණු දා ගන්න මිස්ලාට කඩේ යන්නත් පුරුදු වෙලා හිටියා. මොකද අපි එච්චර හොඳ ළමයි නෙවෙයිනෙ ඕ ලෙවල් පන්ති වල, ඉතිං ඒ ලෙවල් වලත් ලෙඩක් උනෝත් අර ඇගයීම්ද මොනවද ඒවට ලකුණු අඩු වෙන නිසා අපි මිස්ලා ෂේප් කරගන්න ෆුල් ගේමක් දුන්නා. ඉතින් මම කඩේ ගියේම ඉංග්‍රීසි මිස් කෙනෙක්ට, අනේ මන්ද සංසාර පුරුද්දක් වෙන්න ඇති. අපි ගැන එයාල හරියට පැහැදිලා හිටියේ. අපේ නම් වත් දැනගෙන හිටියේ නැති මිස්ලා අපෙ නම් වලින් කතා කරන්න ගත්තා. දවසක් තමයි මට තරු පෙනුනේ. අර ඉංග්‍රීසි මිස්ගේ පොත් කබඩ් එක මම දූවිලි එහෙම පිහලා දාලා අස් කර කර ඉන්නකොට. මිස් හරි ආදරෙන් මා ලඟට ඇවිල්ලා ඇහුවා " So dear what are you going to do for your A/l s ?" කියලා. කතාව පැහැදිලි. ඕක මේ දවස් වල හැම කෙනාම අහන ප්‍රශ්නෙනේ.... මම පැනපු ගමන් කිව්වා" Sinhala, Music, Japanese" කියලා. දැං මිස් මගෙන් අහනවා "ohhh Japanese..... where are you going for your classes? " මලා.... දැං කියපංකෝ ගෙදරට එනවා කියලා ඉංග්‍රීසියෙන්. මොකෝ Home coming කියන්නද? එහෙම නැත්නම් At home? අනේ මන්දා මම ඉතිං ටික වෙලාවක් කල්පනා කරලා කිව්වා" මිස් උගන්නන්න ගෙදරට එනවා" කියලා සිංහලෙන්ම.ආයෙ මොකටද ඕව නොදන්න ඉංග්‍රීසියෙන් කියන්නේ. පස්සේ ඉතිං ඉංග්‍රීසි මිස්ට කඩේ යන එක නැවතුණා ලැජ්ජාවට.
සුමා හැමවෙලාවෙම කිව්වා දන්න දෙයකට කඩේ පලයං කියලා... කෝ මම ඇහුවද? මටත් ඉතිං ඕනෙ උනානෙ එංගලන්තේ අල්ලන්න. ජපන් කරන නිස හීනෙන් හරි ඒ පැත්තෙත් ගිහින් එන්න.
සුන්දර කාලයේ පටන් ගැන්ම ගැන මම පස්සේ ලියන්නම්
තවත් එක් දවසක්
අහස යට....
අපේ ජීවිතයේ එක එක අත්දැකීම් තියනවා.... ඒවා අපි ලියන්න පුරුදු වෙලා ඉන්නේ දිනපොතක... ඒ පොතට අතිශයෙන්ම පෞද්ගලිකයි කියල ලේබල් එකකුත් ගහලා.... එත් ලෝකේ ප්‍රසිද්ධය අයගෙ දිනපොත් අරන් ප්රකාශනයට පත් කරනවා අතිශය පෞද්ගලිකත්වය වැඩිම අලවියාකට පත් වෙන්න. ඒ ඒවා පෞද්ගලික හින්දා නෙවෙයි.. ඒ අත්දැකීම් සමාජීකරණය වන නිසා. මමත් හිතුවා අපි අපේ අතිශය පෞද්ගලික නොවෙන එදිනෙදා සිදුවෙන පුංචි පුංචි අත්දැකීම හැමෝම එක්ක බෙදා ගන්න. ඔන්න මම මේ ප්‍රසිද්ධයි එහෙම කියනවා නෙවෙයි. මේ දේවල් කියවලා ඔයාලා හිනාවේවි... අඬාවි... ඔයලාගේ ජීවිතත් එක්ක සසඳාවි .... ඒත් අන්තිමට මේ හැමදෙයක්ම රසවින්ඳනයකින් කෙලවර වේවි.
පරමාර්ථය එයයි..... මම කැමතියි කියන්න මේ සිද්දීන් 100%ම සත්‍ය නම් නෑ. සමහර දේවල් මනඃකල්පිතයි. මොකද මම මේවා කෙනෙක්ට අපහස කරන්න ලියන්නේ නැති නිසා. කියවලා බලල මොනාහරි අඩුපාඩු තියනවනම්, එහෙමත් නැත්නම් හදා ගන්න දේවල් තියනවානම් මට කොමෙන්ට් කරන්න. මේ මගේ වගේම තව ගොඩාක් දෙනෙක්ගේ රසවත්ම සිදුවීම් පිටුවයි
පරමාර්ථය එයයි..... මම කැමතියි කියන්න මේ සිද්දීන් 100%ම සත්‍ය නම් නෑ. සමහර දේවල් මනඃකල්පිතයි. මොකද මම මේවා කෙනෙක්ට අපහස කරන්න ලියන්නේ නැති නිසා. කියවලා බලල මොනාහරි අඩුපාඩු තියනවනම්, එහෙමත් නැත්නම් හදා ගන්න දේවල් තියනවානම් මට කොමෙන්ට් කරන්න. මේ මගේ වගේම තව ගොඩාක් දෙනෙක්ගේ රසවත්ම සිදුවීම් පිටුවයි
මගේ තවත් පිටු
මිතුරු කැල
Subscribe to:
Post Comments (Atom)
2 comments:
මරු සිද්ධිය.., මේ නිකම ට වගේ අහන්නේ [නොහා ඉන්න බැරි නිසා ;) ] ඔබතුමී සිංහල වලට පංති ගියේ අපේ සන්නස්ගල සර් ගාවටද? මොකද සන්නස්ගල තමා මාව ගොඩ දාපු මනුස්සයා...!
nice guess
Post a Comment