ඉංග්‍රීසි කියන්නේ අපේ රටේ අපේ වගෙ කතා කරන භාෂාවක්නෙ. ඒක නැත්නම් රස්සවත් නෑ. ඕක තමයි ලංකාවේ ඉංග්‍රීසියට තියන තැන. ඕක ඒ කාලෙ ගානක් නෑ. සිංහල බොදු ඉස්කොලෙක ඉගෙන ගන අපිට මොන ඉංග්‍රීසිද? ඒ නිසා අපේ පන්තියේ ඉංග්‍රීසි පීරියඩ් එක අපි ගත කලේ ලයිඛ්‍රියේ... දෙයියන්ගේ පිහිටයි කියන්නේ ඉංග්‍රීසි මිස් කවදාවත් පන්තිය ඇයි හිස් කියලා ප්‍රශ්න කරලා නෑ. ඉන්න දෙතුන් දෙනාට පාඩම කරනවා.... ඒ නිසා අපිටත් කවදාවත් ප්‍රශ්නයක් වෙලා නෑ. සමහර විට මිස් දන්නේ නෑ අපි කොයි පංතියේද කියලා. අපි දන්නවානෙ ඒ අපෙ ඉංග්‍රීසි මිස් කියලා ඒ නිසා දැක්ක තැන අපි මිස්ට පනාව දානවා.. අනේ මිසුත් කට පුරා හිනා වෙනවා. දන්නවා නම් කන පුරා කන්න තිබුනා. හරි මම මේ කිව්වෙ අපේ ඉංග්‍රීසි අධ්‍යාපන තත්වය ගැන. කොහොම හරි අපි ගොඩාක් ඉංග්‍රීසි ඉගෙන ගත්තේ එහා පංතියේ ඉංග්‍රීසි මිස්ගෙන්.
අපේ පන්තියේ මිස් කෙනෙක් නෑ කියන්නේ පිටකොටුවේ මැනිං මාර්කට් එක වගේ.... කෑ ගහනවා සිංදු කියනවා. එහා පංතියට තියා පාරෙ යන මිනිහෙකුටවත් කනක් ඇහෙන්න නෑ. අපි හිතන්නේ අපි සීලාචාරයි කියලා මොකද මිස් කෙනෙක් නැති හැම වෙලාවකම අපි වැඩිපුර හිටියේ හිටගෙන. මොකද එහා පංතියේ නැතත් ඊටත් එහා පන්තියේ මිස් හරි අවිල්ල අපිව හිටවනවා. වෙන පංති වල ඉගැන්නුවට අපේ පන්තියේ හැම ලමයෙක්ගෙ මූණු එයාලාට හොඳට මතකයි. කොහොමහරි එදත් එහා පන්තියේ ඉංග්‍රීසි උගන්නනවා... අපි අපේ පංතියේ කෑ ගහනවා... කෑ ගහනවා කියලා අපිට මතකයක් නෑ. මුලින්ම එහා පංතියේ මිස් ආවා.... "What are you doing ahaa... why are you shouting " කියලා ඇහුවා... අපි ඉතිං නොතේරුනත් තේරුනා වගේ කටවල් වහ ගත්තා. " I have to work, So be silent" අන්න එහෙමත් කිව්වා. ඒකත් තේරෙන එකක්යෑ.... අපි හරි හොඳ ළමයි වගේ මිස් එහා පංතියට යනකන් හිටියා... අයෙමත් සද්දේ වැඩි උනා. ආයේමත් පෙර සේම සද්දේ... එහා පන්තියේ මිස් අයේ ආව.. මල පැනලා... " I told you to shut up ur mouths.... stand up and wait" stand up කියන එක තේරෙනවා මොකද වැඩිපුරම අපි අහල තියන ඉංග්‍රීසි වචනේ ඒකනෙ. අපි හිටගෙන ඉන්නවා දැං. මිස් අපිව හිටෝලා තියලා අයේ එහා පංතියට ගියා. දැන් අපි හිටගෙන කෑ ගහන්න පටන් ගත්තා. එතකොට අර ඉදගෙන කෑ ගහනවට වඩා සද්දයි. එහා පංතියේ මිස් අයේ අපේ පංතියට ආවේ තරහින් රතු වෙලා. " I don't know what type of children you are..... Kneel down you all" මාර සැරෙන් කිව්වා... පංතියම ගල් ගැහිලා ඒ මොනාද කරන්න කිව්වේ කියලා. කවදාවත් කරන්න කියපු එකක් නෙවෙයි ඒක. පංතියේ එහා කොනේ හිටපු එකෙක් මට ලං වෙලා අහනවා " මොකද්ද බං ඒ කිව්වේ නියපොතු කන්න කියලද?" ඌට Kneelද Nailද කියන එක පැටලිලා... කොහොම හරි අපේ පංතියේත් ඉන්නව හැමදාම ඉංග්‍රීසි ඉගෙන ගන්න අය. හරි ආඩම්බරයි කියන්න එයාලා තමයි ගිහින් දණ ගැහුවේ..... Kneel down කියන්නේ දණ ගහන්න කියලා ඉගෙන ගත්තේ එදා තමයි. ඉතින් හැමදාම වගේ අපි දණ ගහගෙනත් කෑ ගහුවා....
ඕලෙවල් වලින් පස්සෙ උන දේවල් පස්සේ ලියන්නම්

තවත් එක් දවසක්
අහස යට....
අපේ ජීවිතයේ එක එක අත්දැකීම් තියනවා.... ඒවා අපි ලියන්න පුරුදු වෙලා ඉන්නේ දිනපොතක... ඒ පොතට අතිශයෙන්ම පෞද්ගලිකයි කියල ලේබල් එකකුත් ගහලා.... එත් ලෝකේ ප්‍රසිද්ධය අයගෙ දිනපොත් අරන් ප්රකාශනයට පත් කරනවා අතිශය පෞද්ගලිකත්වය වැඩිම අලවියාකට පත් වෙන්න. ඒ ඒවා පෞද්ගලික හින්දා නෙවෙයි.. ඒ අත්දැකීම් සමාජීකරණය වන නිසා. මමත් හිතුවා අපි අපේ අතිශය පෞද්ගලික නොවෙන එදිනෙදා සිදුවෙන පුංචි පුංචි අත්දැකීම හැමෝම එක්ක බෙදා ගන්න. ඔන්න මම මේ ප්‍රසිද්ධයි එහෙම කියනවා නෙවෙයි. මේ දේවල් කියවලා ඔයාලා හිනාවේවි... අඬාවි... ඔයලාගේ ජීවිතත් එක්ක සසඳාවි .... ඒත් අන්තිමට මේ හැමදෙයක්ම රසවින්ඳනයකින් කෙලවර වේවි.
පරමාර්ථය එයයි..... මම කැමතියි කියන්න මේ සිද්දීන් 100%ම සත්‍ය නම් නෑ. සමහර දේවල් මනඃකල්පිතයි. මොකද මම මේවා කෙනෙක්ට අපහස කරන්න ලියන්නේ නැති නිසා. කියවලා බලල මොනාහරි අඩුපාඩු තියනවනම්, එහෙමත් නැත්නම් හදා ගන්න දේවල් තියනවානම් මට කොමෙන්ට් කරන්න. මේ මගේ වගේම තව ගොඩාක් දෙනෙක්ගේ රසවත්ම සිදුවීම් පිටුවයි
පරමාර්ථය එයයි..... මම කැමතියි කියන්න මේ සිද්දීන් 100%ම සත්‍ය නම් නෑ. සමහර දේවල් මනඃකල්පිතයි. මොකද මම මේවා කෙනෙක්ට අපහස කරන්න ලියන්නේ නැති නිසා. කියවලා බලල මොනාහරි අඩුපාඩු තියනවනම්, එහෙමත් නැත්නම් හදා ගන්න දේවල් තියනවානම් මට කොමෙන්ට් කරන්න. මේ මගේ වගේම තව ගොඩාක් දෙනෙක්ගේ රසවත්ම සිදුවීම් පිටුවයි
මගේ තවත් පිටු
මිතුරු කැල
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment