අපේ කල්ලිය කිව්වට අපි දෙන්නට එකතු උනේ තව තුන් දෙනෙක් විතරයි. හරිම අහිංසක විදියට අපි අතරේ යාලු කම වැඩි වෙමින් තිබුණා... සුමිතා, සුදර්ශි වගේම ගයේෂි අපේ කල්ලියේ අළුත් කට්ටිය. හැම වෙලේම එයාල හිටියේ අපි දෙන්නට පිටිපස්සේ පේළියේ.මාරයි කියන්නේ කෑම එහෙම පාස් උනේ මේස යටින්. ගොඩාක්ම මරු සුමිතා තමයි. ඒ තුන් දෙනාගෙන්ම එක විදියකට ඉන්න බැරි කෙනා එයා. මගේ ගනයට හරියටම හරි. ඒත් සුදර්ශි අනිත් දෙන්නටම වඩා හරිම අමුතුයි. ඉගෙන ගන්නමයි හිත. ඕකනේ අපිට නැත්තේ. අපිටත් බැනලා එයා සුමිතාවයි ගයේෂිවයී එයාට අවනත කර ගන්නවා. මම හිතුවේ එයට ඒ දෙන්න බයයි කියලා. බොරු කියන්න ඕනෙ නෑ මමත් බයයි. මමයි සුමිතයි තමයි සුදර්ෂිගෙන් ගොඩාක්ම බැනුම් ඈහුවේ. සුදා සයිස් එකෙන් නම් මාර පොඩියි ඒත් කටින් නම් මාර ලොකුයි. මට එයා ගැන පව් කියලත් හිතනවා. ඉගෙන ගන්න උණක් තියන කෙනෙක්ට අපි වගේ පාප මිතුරෝ හම්බ උන එක ගැන. පන්තිය වාර දෙකක් වගේ යද්දි මාර විදිය ෆිට් එකක් තිබ්බා. ඉතිං ඔය ෆිට් පන්තියේ ෆිට් ගණන් මිස් කෙනෙක් තමයි හිටියේ. ගණන් කියන්නේ ඉලක්කං උනාට මට මහ එපාම කරපු සබ්ජෙක්ට් එක. ඒක තමයි දැනුත් දෙකයි දෙකයි හතරයි කියලා කැල් එකෙන් හදලා උත්තරෙ කියන්නේ. ගණන් මිස් කරන්නේත් අච්චු පොතේ තියන නිදසුන එහෙම් පිටින්ම කොපි කරලා කළු ලෑල්ලේ පේස්ට් කරන එක. අපි කරන්නෙ පොත අතේ තිබ්බත් මෝඩ කමට කළු ලෑල්ල දිහා බලාගෙන ඒක කොපි කරන එක. මම හිතුවේ මම විතරයි කියලා මෝඩ, ඒත් බලාගෙන ගියාම පංතියම එහෙමයි. කළු ලෑල්ල දිහා බලාගෙන කොපි කරන එක සෑහෙන්න වදයක් උනේ මට මොකද දන්නවද? සුදර්ශි හිටියේ මට පිටිපස්සේ නිසා. මම කිව්වනේ එයා සයිස් එකෙන් පොඩි කියලා. එයා බෝඩ් එක බලන්න කලේ එකම දෙයයි. මේ අනේ එහාට වෙයංකෝ... කියල මට අනිනවා. මම එහාට වෙලා ඇද වෙලා බෝඩ් එක බලාගෙන ලියනවා. ටිකකින් ආයේ.. අනේ මේහාට වෙයං දැං...... ආයේ අනිනවා... මම අනිත් පැත්තට ඇද වෙලා ලියනවා. ඊ ළඟට. දැං පාත් වෙයං පේන්නෙ නෑ බං... ආයේ අනිනවා... දැං මම කුදු වෙලා ලියනවා..... ඔය විදියට මම හැම උදෑසනකම එක්ස්සර්සයිස් කරනවා. බැරිම තැන අපි පේලි මාරු කලා. මගේ දුක බලාගෙන ඉන්න බැරි කමට අරෝ ම තමයි යෝජනා කලේ. මම ගොඩාක් සතුටින් එයාලගෙ පේලිය පිටිපස්සට ගියේ මගේ ඒරෂටකේ ඉවරයි කියලා හිතාගෙන. ඒත් එහෙම වෙලා අපිට ඉන්න හම්බ උනේ පැය තුනයි. මම කටේ වතුර තියාගෙන හිනා වෙන්න ට්‍රයි එකක් දුන්න අනේ දෙයියනෙ එහෙම වෙලා මගේ වතුර ඔක්කොම ගියෙ සුදර්ෂිගේ පිට හරහා..... ආයෙත් මට උනේ එයාගෙ ඉස්සරහට යන්න. අවුරුදු තුනක්ම උදේ එක්ස්සර්සයිස් කරන්න හිත හදාගෙන
තවත් ගොඩාක් දෙවල් එක්ක මම ප්ස්සේ ලියන්නම්...
තවත් එක් දවසක්
අහස යට....
අපේ ජීවිතයේ එක එක අත්දැකීම් තියනවා.... ඒවා අපි ලියන්න පුරුදු වෙලා ඉන්නේ දිනපොතක... ඒ පොතට අතිශයෙන්ම පෞද්ගලිකයි කියල ලේබල් එකකුත් ගහලා.... එත් ලෝකේ ප්‍රසිද්ධය අයගෙ දිනපොත් අරන් ප්රකාශනයට පත් කරනවා අතිශය පෞද්ගලිකත්වය වැඩිම අලවියාකට පත් වෙන්න. ඒ ඒවා පෞද්ගලික හින්දා නෙවෙයි.. ඒ අත්දැකීම් සමාජීකරණය වන නිසා. මමත් හිතුවා අපි අපේ අතිශය පෞද්ගලික නොවෙන එදිනෙදා සිදුවෙන පුංචි පුංචි අත්දැකීම හැමෝම එක්ක බෙදා ගන්න. ඔන්න මම මේ ප්‍රසිද්ධයි එහෙම කියනවා නෙවෙයි. මේ දේවල් කියවලා ඔයාලා හිනාවේවි... අඬාවි... ඔයලාගේ ජීවිතත් එක්ක සසඳාවි .... ඒත් අන්තිමට මේ හැමදෙයක්ම රසවින්ඳනයකින් කෙලවර වේවි.
පරමාර්ථය එයයි..... මම කැමතියි කියන්න මේ සිද්දීන් 100%ම සත්‍ය නම් නෑ. සමහර දේවල් මනඃකල්පිතයි. මොකද මම මේවා කෙනෙක්ට අපහස කරන්න ලියන්නේ නැති නිසා. කියවලා බලල මොනාහරි අඩුපාඩු තියනවනම්, එහෙමත් නැත්නම් හදා ගන්න දේවල් තියනවානම් මට කොමෙන්ට් කරන්න. මේ මගේ වගේම තව ගොඩාක් දෙනෙක්ගේ රසවත්ම සිදුවීම් පිටුවයි
පරමාර්ථය එයයි..... මම කැමතියි කියන්න මේ සිද්දීන් 100%ම සත්‍ය නම් නෑ. සමහර දේවල් මනඃකල්පිතයි. මොකද මම මේවා කෙනෙක්ට අපහස කරන්න ලියන්නේ නැති නිසා. කියවලා බලල මොනාහරි අඩුපාඩු තියනවනම්, එහෙමත් නැත්නම් හදා ගන්න දේවල් තියනවානම් මට කොමෙන්ට් කරන්න. මේ මගේ වගේම තව ගොඩාක් දෙනෙක්ගේ රසවත්ම සිදුවීම් පිටුවයි
මගේ තවත් පිටු
මිතුරු කැල
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment