අපේ ලෝකේ තිබුණ වැඩත් එක්ක අපිට අපිව අමතක වේගෙන ආවා. චමත් කැම්පස් ගිහින් ඉගෙන ගත්ත එක ඇත්ත ඒත් මට යන්න උනේ නෑනෙ. මම ඉතිං ඔන්න ඔහේ එක්ස්ටර්නල් ඩිග්රියට සෙට් උනා. සෙනසුරාදා ඉරිදා දෙකේම ක්ලාස්. බයක් වෙන්න දෙයක් තිබ්බේ නෑ මට ට්‍රාන්ස්පෝට් දෙන්න චමත් හිටියා. අපි අතර විශ්වාසය බොහෝ දුරට තිබුණා. ඒ වගේම එතකොට අපි දෙන්න යාලූ වෙලා අවුරුදු පහකට වැඩියි. කවදාවත් එයා මටවත් මම එයාටවත් එක වචනෙකින්වත් බැනලා නෑ. කවමදාවත් වලියක් ගිහිනුත් නෑ. තරහ කියන වචනේ අපේ ශබ්දකෝෂයේ තිබුණෙත් නෑ. අපි අතර තිබුණු බැදීම කාටත් පෙනුනේ ආදරේකට වඩා බුදු ෆිට් එකක් විදියට. චමත් එයාට වෙන හැමදෙයක්ම කියන්න පුරුදු වෙලා හිටියා. මාත් එහෙමයි. අපි අතරේ රහස් තිබ්බේ නෑ කියලයි මම හිතන්නේ. ඒ හැමදේටම වඩා අපි අපිටම රිද්ද ගන්න බය උනා. මම එහෙම කිව්වේ මම එයාට රිද්දුවත් අයේත් අන්තිමට ඒක රිදුනේ මට නිසා. සුමා එහෙම මට බැන්නේ එළ හරකෙක් කියලා. "කියන හැමදේම විශ්වාස කරන්න එපා බං. කොල්ලොන්ව ගානකට තියා ගනිං. නැත්නම් උන් ඕන වරදක් කරලා හොරී ගායි. ඒත් උඹ ඒකට කමක් නෑ කියලා සමාව දෙයි" කිය කියා මට ඇඩ්වයිස් දුන්නා. ඒත් මම මගේ චමත්ව මටත් වඩා විශ්වාස කලා. එයා මම දැනුවත්ව කවදාවත් ඒ විශ්වාසෙ කැඩුවේ නෑ.
ඉතිං අර ට්‍රාන්ස්පෝට් එක දෙන්න එයා හවසට මාව ගන්න ආව දවසක මම මගේ යාලුවෙක්ව එයාට අදුන්වලා දුන්නා. එයාගෙ නම මධු.... එයා හිට්යේ මාලබේ පැත්තේ... ඉතිං අපි හැමදාම එයාව මහරගමට ගෙනත් බස්සන්න පුරුදු වෙලා හිටියා. ඒත් ටික දවසක ඉඳලා මම පොඩි වෙනසක් චමත්ගේ දැක්කා. ඒ මධූ පිටිපස්සේ සීට් එකට නැග්ගාම අර පිටිපස්ස බලන කණ්ණාඩිය මධුට ෆෝකස් කරන්න චමත් පුරුදු වෙලා හිටියා. මුලින් මම ගනන් ගත්තේ නෑ, ඒත් ඒක පුරුද්දක් වෙන්න ගත්තා. ඉතිං පස්සේ මධූ එදා බැස්සට පස්සේ මම චමත්ගෙන් ඇහුවා " මධු හරි ලස්සනයි නේද?" කියලා චමත් හිනා උනා " ඔව්නේ මාරයි." කිව්වා. " මොකද කියන්නේ ඔයාට සෙට් කරලා දෙන්නද?" මම එහෙම අහුවා.... " අන්න වැඩේ පුලුවන් නම් කරලා දෙනවකෝ ලොකු උදව්වක් " කියලා චමත් කිව්වා. මම දන්නවා එහෙම චමත් කිව්වේ විහිළුවට කියලා. කොල්ලෙක් ලස්සන දෙයක් දිහා බලන එක වරදක් නෙවෙයි. මම හිතුවේ එහෙමයි. කොල්ලෙක් උනාම ලස්සන කෙල්ලෙක් දිහා නොබැලුවොත් ඒක කොලු කමටත් අපහාසයක්. අපි අපේ ඇස් පිනවන්න ආසයි. මම හිතන්නේ ඒකට කොල්ලෝ වැඩියම ආසයි. ඉතිං පහුවෙනිදා ඉරිදා එදත් මධූ පිටිපස්සේ සීට් එකේ ඉඳගත්තා. චමත් අර විදියටම කණ්ණාඩිය හැදුවා. මම මධූ දිහා බැලුවා " ඔයා දන්නවද මධූ අපේ චමත්ට ඔයා ගැන කැමත්තක් ඇති වෙලා.. මට බෙරිල්ලක් නෑ අහන්න කියලා" මම ඇඟට නොදැනී කියලා දැම්මා.... මධුගෙ මූණ ලැජ්ජාවෙන් පිරෙනවා මම දැක්කා. එයාට කාර් එකෙන් එළියට පනින්න හිතෙන්න ඇති. මට මම කියපු එකේ බර තේරුනේ මධු බැස්සට පස්සේ..." අනේ මොකද්ද දුලා ඒ කලේ" කියලා අහද්දී චමත්ගේ මූණ දැකලා. මට පව් කියලා හිතුණා.... ඒත් එතකොට මම කියන්න ඕනෙ ටික කියලානේ... ඊට පස්සේ මධූ අපේ කාර් එකේ එන එක මඟ ඇරියා. මම වැරදිකාරියක් වගේ උනා. " නෑ දුලා ඔයා වැරදි නෑ මමයි වැරදි" මම දුක් වෙනකොට චමත් එහෙම කිව්වා. ඒ මොනා උණත් මම දන්නවා මම වරදක් කලේ.... මධූගෙ හිත විතරක් නෙවෙයි මම චමත්ගේ හිතත් එදා රිද්දන්න ඇති. ඒ නිසා තාමත් ඒක මතක් වෙද්දි මගේ හිතත් රිදෙනවා.
තවත් එක් දවසක්
අහස යට....
අපේ ජීවිතයේ එක එක අත්දැකීම් තියනවා.... ඒවා අපි ලියන්න පුරුදු වෙලා ඉන්නේ දිනපොතක... ඒ පොතට අතිශයෙන්ම පෞද්ගලිකයි කියල ලේබල් එකකුත් ගහලා.... එත් ලෝකේ ප්‍රසිද්ධය අයගෙ දිනපොත් අරන් ප්රකාශනයට පත් කරනවා අතිශය පෞද්ගලිකත්වය වැඩිම අලවියාකට පත් වෙන්න. ඒ ඒවා පෞද්ගලික හින්දා නෙවෙයි.. ඒ අත්දැකීම් සමාජීකරණය වන නිසා. මමත් හිතුවා අපි අපේ අතිශය පෞද්ගලික නොවෙන එදිනෙදා සිදුවෙන පුංචි පුංචි අත්දැකීම හැමෝම එක්ක බෙදා ගන්න. ඔන්න මම මේ ප්‍රසිද්ධයි එහෙම කියනවා නෙවෙයි. මේ දේවල් කියවලා ඔයාලා හිනාවේවි... අඬාවි... ඔයලාගේ ජීවිතත් එක්ක සසඳාවි .... ඒත් අන්තිමට මේ හැමදෙයක්ම රසවින්ඳනයකින් කෙලවර වේවි.
පරමාර්ථය එයයි..... මම කැමතියි කියන්න මේ සිද්දීන් 100%ම සත්‍ය නම් නෑ. සමහර දේවල් මනඃකල්පිතයි. මොකද මම මේවා කෙනෙක්ට අපහස කරන්න ලියන්නේ නැති නිසා. කියවලා බලල මොනාහරි අඩුපාඩු තියනවනම්, එහෙමත් නැත්නම් හදා ගන්න දේවල් තියනවානම් මට කොමෙන්ට් කරන්න. මේ මගේ වගේම තව ගොඩාක් දෙනෙක්ගේ රසවත්ම සිදුවීම් පිටුවයි
පරමාර්ථය එයයි..... මම කැමතියි කියන්න මේ සිද්දීන් 100%ම සත්‍ය නම් නෑ. සමහර දේවල් මනඃකල්පිතයි. මොකද මම මේවා කෙනෙක්ට අපහස කරන්න ලියන්නේ නැති නිසා. කියවලා බලල මොනාහරි අඩුපාඩු තියනවනම්, එහෙමත් නැත්නම් හදා ගන්න දේවල් තියනවානම් මට කොමෙන්ට් කරන්න. මේ මගේ වගේම තව ගොඩාක් දෙනෙක්ගේ රසවත්ම සිදුවීම් පිටුවයි
මගේ තවත් පිටු
මිතුරු කැල
Subscribe to:
Post Comments (Atom)
1 comments:
ඔන්න අදයි මන් අග ඉදල මුලටම කියවල ඉවර කලෙ..ඉතින් දෑන් බෙරෙන්න හම්බෙන්නෙ නෑ...ඉලග කොටස ඉක්මන්ට ඔනෙ
Post a Comment