නදීට රස්සාවක් හම්බ උනා බැංකුවක... එදා අපි ඔක්කොටම ගොඩාක් සතුටු දවසක්. අවුරුදු හතරකටත් වඩා එයාලා හිටියෙ කඩ කාමරෙක. උයන්න, නිදා ගන්න, කන්න, බොන්න හැම දේටම තිබුනෙ එකම එක කාමරයයි. නොවිඳිනා දුක් වින්ඳත් එයාල හිටියෙ සතුටින්. ආදරේ ලඟ තියනකොට එහෙම තමයි. නදීට රස්සව හම්බ වෙලා මාස හයක් විතර යනකොට එයාලට පුංචි ගේ කෑල්ලක් කුලියට ගන්න පුලුවන් උනා. හැමදාම වගේ අපේ ගැන්සියම හිටියා එයාලට උදව් කරන්න, සල්ලි වලින් වගේම හැම දේකින්ම. එයාල අලුත් ගෙදරට ගිය දවසේ මට තිබුනෙ ඉහවහා ගිය සතුටක්, අපි එදා කට්ටියම එකතු වෙලා ඒ ගෙදර තුන් වරු පිරිතක් කියෙව්වා. සෙනූ එතකොට කසාද බැඳලා. ඒ උනාට කවමදාවත් මිනිහා එක්ක ගමනක් බිමනක් ගියේ නෑ. එයාට බඳින්න උනේ ප්‍රොපෝසල් එකකින්. අහුවාම අර අහිංසකයාට බනිනවා. " මම නම් යයි ඕකත් එක්ක ජෝඩු දාලා" ඔන්න ඔහොමයි කියන්නේ. ජම්මාන්තර වෛරයක් තිබුනේ.... මොනා උනත් කසාද මිනිහානේ. ඒත් අපේ ශෙහාන්ට, රොමේෂ්ට ඔය ටික අතිනේ. ඔන්න අපි එකතු වෙලා රෑට කන්න කෑම හදද්දී කොල්ලො සෙට් වෙලා හිටියේ.... සෙනූට කෝල් එකක් ආවා. " අනේ ශේහාන්... මගේ ෆෝන් එක ගනිංකෝ මගේ අතේ මාළු..." සෙනු කුස්සියේ ඉදලා කතා කලා. ශෙහාන් ෆෝන් එක ගත්තා. " හලෝ" ශෙහාන් හරිම සාවදානයෙන් කතා කලා " සෙනූ කෝ" කියලා එහා පැත්තේ පිරිමි කටහඩකින් ඇහෙනවා. " සෙනූ වොෂ් එකක් දාන්න ගියා... කවුද කතා කරන්නේ...?" ශෙහාන්ගෙ කතාවෙන් එහා පැත්තෙන් කතා කරන එක්කෙනාට මල පැන්න වගේ උනා " තමුසෙ කවුද කතා කරන්නේ..." ටිකක් සැරෙන් එහා පැත්තෙන් ඇහෙනවා." මම කවුද.....?ඇයි උප්පැන්නේ ලියන්නද?...." ඔන්න ශෙහානුත් ටික වෙන්න තද කරගෙන. " තමුසෙ කවුද ඕයි මගේ ගෑනිගේ ෆෝන් එක ආන්සර් කරන්න" එහා පැත්තෙන් ආයේ කෑ ගහනවා. " ඉතිං තමුසෙගෙ ගෑනිගේ ෆෝන් එකට කෝල් දෙනවා... මේක මාර කෙලියක්නෙ" අපිටත් දැං මේක හිතා ගන්න බෑ. මොනා වෙනවද කියලා.. ශෙහාන්ටත් මල පැනලා. " මගෙ ගෑනිගේ ෆෝන් එකට තමයි ඕයි මේ කතා කරන්නේ... තමුසෙ මොන හාල් පාරුවෙක්ද?" දැං මෙතන නිකන් මිනීමැරුමක් වෙන්න එනවා වගේ සීන් එකක් යන්නේ.... " මේක කොහොමද තමුසෙගේ ගෑනිගේ ෆෝන් එක වෙන්නේ... මේක අපේ සෙනූගෙනෙ" ශෙහාන් තද වෙලා කියවනවා... ඒක අහුවාම නදී ඔලුවේ අත ගහ ගත්තා..... " සෙනු කියන්නේ මගෙ ගෑනි තමයි ඕයි" කියලා එහෙන් කිව්වා.... "ශෙහාන්ට දැං වැඩේ නෝන්ඩි බව මීටර් උනා "ආහා ඔයාගෙ ගෑනිද?, ඉතිං මම ඉල්ලුවාද? ඔච්චර තරහ ගන්න එපා... ඔයා තියා ගන්න" කියලා මූ ෆෝන් එක තිබ්බා... සෙනූ මහ ලොකුවට පඬි ටෝක් දැම්මට අම්බානකට බය වෙලා. "තමුසෙ දැං ඒ මොකද්ද කලේ... මම ගෙදර යන්නේ කොහොමද දැං?" සෙනූ අත් දෙකේම නියපොතු කනවා. " හරි වැඩක්නේ.. උඹ හිතුවද මම සක්‍රයා කියලා.... උඹ උපන් තේකට උඹට මිනිහෙක් ඉන්නව කියලා අඟවලා තියනවාද? මට අමතක උනා උඹ බැඳලා කියලා" ශෙහාන් ඇඟට නොදැනී කියලා දැම්මා....
කොහොම හරි නදීශයි, චමතුයි එකතු වෙලා සෙනූගෙ හස්බන්ස්ට පහදලා දුන්නා ඒක විහිළුවක් කියලා. ඒ නිසා බේරුනා.... නදීනම් කිව්වෙ එයා තමයි ගොඩාක්ම බය උනේ කියලා.. මොකද අරෝ මදිවට සෙනූවත් භාර ගන්න වෙයි කියලා....
තවත් එක් දවසක්
අහස යට....
අපේ ජීවිතයේ එක එක අත්දැකීම් තියනවා.... ඒවා අපි ලියන්න පුරුදු වෙලා ඉන්නේ දිනපොතක... ඒ පොතට අතිශයෙන්ම පෞද්ගලිකයි කියල ලේබල් එකකුත් ගහලා.... එත් ලෝකේ ප්‍රසිද්ධය අයගෙ දිනපොත් අරන් ප්රකාශනයට පත් කරනවා අතිශය පෞද්ගලිකත්වය වැඩිම අලවියාකට පත් වෙන්න. ඒ ඒවා පෞද්ගලික හින්දා නෙවෙයි.. ඒ අත්දැකීම් සමාජීකරණය වන නිසා. මමත් හිතුවා අපි අපේ අතිශය පෞද්ගලික නොවෙන එදිනෙදා සිදුවෙන පුංචි පුංචි අත්දැකීම හැමෝම එක්ක බෙදා ගන්න. ඔන්න මම මේ ප්‍රසිද්ධයි එහෙම කියනවා නෙවෙයි. මේ දේවල් කියවලා ඔයාලා හිනාවේවි... අඬාවි... ඔයලාගේ ජීවිතත් එක්ක සසඳාවි .... ඒත් අන්තිමට මේ හැමදෙයක්ම රසවින්ඳනයකින් කෙලවර වේවි.
පරමාර්ථය එයයි..... මම කැමතියි කියන්න මේ සිද්දීන් 100%ම සත්‍ය නම් නෑ. සමහර දේවල් මනඃකල්පිතයි. මොකද මම මේවා කෙනෙක්ට අපහස කරන්න ලියන්නේ නැති නිසා. කියවලා බලල මොනාහරි අඩුපාඩු තියනවනම්, එහෙමත් නැත්නම් හදා ගන්න දේවල් තියනවානම් මට කොමෙන්ට් කරන්න. මේ මගේ වගේම තව ගොඩාක් දෙනෙක්ගේ රසවත්ම සිදුවීම් පිටුවයි
පරමාර්ථය එයයි..... මම කැමතියි කියන්න මේ සිද්දීන් 100%ම සත්‍ය නම් නෑ. සමහර දේවල් මනඃකල්පිතයි. මොකද මම මේවා කෙනෙක්ට අපහස කරන්න ලියන්නේ නැති නිසා. කියවලා බලල මොනාහරි අඩුපාඩු තියනවනම්, එහෙමත් නැත්නම් හදා ගන්න දේවල් තියනවානම් මට කොමෙන්ට් කරන්න. මේ මගේ වගේම තව ගොඩාක් දෙනෙක්ගේ රසවත්ම සිදුවීම් පිටුවයි
මගේ තවත් පිටු
මිතුරු කැල
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment