
තවත් එක් දවසක්
අහස යට....
අපේ ජීවිතයේ එක එක අත්දැකීම් තියනවා.... ඒවා අපි ලියන්න පුරුදු වෙලා ඉන්නේ දිනපොතක... ඒ පොතට අතිශයෙන්ම පෞද්ගලිකයි කියල ලේබල් එකකුත් ගහලා.... එත් ලෝකේ ප්‍රසිද්ධය අයගෙ දිනපොත් අරන් ප්රකාශනයට පත් කරනවා අතිශය පෞද්ගලිකත්වය වැඩිම අලවියාකට පත් වෙන්න. ඒ ඒවා පෞද්ගලික හින්දා නෙවෙයි.. ඒ අත්දැකීම් සමාජීකරණය වන නිසා. මමත් හිතුවා අපි අපේ අතිශය පෞද්ගලික නොවෙන එදිනෙදා සිදුවෙන පුංචි පුංචි අත්දැකීම හැමෝම එක්ක බෙදා ගන්න. ඔන්න මම මේ ප්‍රසිද්ධයි එහෙම කියනවා නෙවෙයි. මේ දේවල් කියවලා ඔයාලා හිනාවේවි... අඬාවි... ඔයලාගේ ජීවිතත් එක්ක සසඳාවි .... ඒත් අන්තිමට මේ හැමදෙයක්ම රසවින්ඳනයකින් කෙලවර වේවි.
පරමාර්ථය එයයි..... මම කැමතියි කියන්න මේ සිද්දීන් 100%ම සත්‍ය නම් නෑ. සමහර දේවල් මනඃකල්පිතයි. මොකද මම මේවා කෙනෙක්ට අපහස කරන්න ලියන්නේ නැති නිසා. කියවලා බලල මොනාහරි අඩුපාඩු තියනවනම්, එහෙමත් නැත්නම් හදා ගන්න දේවල් තියනවානම් මට කොමෙන්ට් කරන්න. මේ මගේ වගේම තව ගොඩාක් දෙනෙක්ගේ රසවත්ම සිදුවීම් පිටුවයි
පරමාර්ථය එයයි..... මම කැමතියි කියන්න මේ සිද්දීන් 100%ම සත්‍ය නම් නෑ. සමහර දේවල් මනඃකල්පිතයි. මොකද මම මේවා කෙනෙක්ට අපහස කරන්න ලියන්නේ නැති නිසා. කියවලා බලල මොනාහරි අඩුපාඩු තියනවනම්, එහෙමත් නැත්නම් හදා ගන්න දේවල් තියනවානම් මට කොමෙන්ට් කරන්න. මේ මගේ වගේම තව ගොඩාක් දෙනෙක්ගේ රසවත්ම සිදුවීම් පිටුවයි
මගේ තවත් පිටු
මිතුරු කැල
ඇස් දෙක අරිනකොට මට පෙනුනෙ සෑහෙන ලොකු එලියක්... දිව්‍යලෝකේ වගේ මට ආයෙ ඇස් දෙක පිය උනා... හරියට ඇස් ඇරිලා වට පිට බලද්දි මට දැනුනේ මම මේ ඉන්නේ දිව්‍යලෝකෙ නෙවෙයි ඉස්පිරිතාලේ. හැම තැනම පෙනුනේ ලේ.. හැම තැනින්ම අහුනේ කෙදිරි ගානවා. මට අත උස්සන්න බෑ. කකුලක් තියනවද දැනෙන්නේ නෑ. මම අනික් අතින් අතයි කකුල්යි දෙකම අල්ලලා බැලුවා. ඒ දෙකම තියනවා. එක පාරටම මට උන හැම දෙයක්ම මතක් උනා.... එක තත්පරයකින්.... අනිතිමට මට ඇහුනේ මම කෑ ගැහුව වචන ටික " අනේ කවුරුත් නැද්ද?" මම ඇස් දෙක පියා ගත්තා.... දෙවියනේ චමත්.... එක පාරටම ඇස් දෙක ඇරුණා.... " අනේ.... අනේ.... " මගෙ වචන හදිස්සි උනා.... ඒ වෙලාවේ වෙලාව කීයද කියලවත් මම දන්නේ නෑ. එතනට නර්ස් කෙනෙක් ආවා. එයාගෙ මූනෙ නම් කිසිම කරුණාවන්ත බවක් තිබ්බේ නෑ. " මොකද මොනවද ඕනේ..?" එයාට මාව පෙනුනේ කරදරයක් වගේ. " චමත්.... කෝ...." මට කියවෙන්නේ නෑ ඇඬෙනවා..... "මොන චමත්ද?" මට කතා කර ගන්න බෑ හිර වෙනවා. අපි දෙන්නා එකටමයි ආවේ.... කොහොමද මම විතරක් මෙතන තනියම ඉන්නේ " දැං වෙලාව රෑ එකයි... ඔනේ කෙනෙක් හොයා ගන්න එළි උනාම... ඉස්පිරිතාලේ අනිත් අය ඇහැරවන්නේ නැතුව" එයා මට සැර දැම්මද කොහෙද? මට ඒකෙ තේරුමක් නෑ. මට හොයාගෙන යන්න හිතුනා... නැගිටගන්න බෑ ඒ උනාට. අනේ දෙයියනේ..... මට උදව් වෙන්න කියලා කෑ ගහන්න හිතුණා. ඒ වෙලාවේ ඉඳලා එළිය වැටෙනකන් මගේ ඇස් පිය උනේ නෑ. එළිය වැටුනට පස්සේ මා ළඟට ඩොක්ටර් කෙනෙක් ආවා. " අනේ ඩොක්ටර්... චමත්.... මම එක්ක ආවේ... එයා කෝ" මම අඬ අඬා ඇහුවා. එයාට දුක හිතෙන්න ඇති. "ඔයා එක්ක ඇසිඩන්ට් වෙලා ආව එක්කෙනාද?" මම ඔලුව වැනුවා, අනේ වචන එන්නේ නෑ කතා කරන්න. " එයා අයි සී යූ එකේ... ඔයා එයාගෙ කවුද?" මට ඉකිගැහෙන්න ගත්තා. එතකොට මම දැක්කා. නදීශ අපේ අම්මත් එක්ක වාට්ටුවට ඇතුල් වෙනවා. හිතේ තියන ඔක්කොම ටික මට එක පාරටම කියන්න ඕනෙ උනා ඒත් කියාගන්න බෑ. අම්මා ඒක දැකලා අඬන්න ගත්තා. " නදී චමත්...." ඔන්න ඔච්චරමයි මගේ කටින් පිට උනේ. " එයා අයි සී යූ .... ඌට මොකුත් වෙන්නේ නෑ... උඹ නාඩා හිටපං" කොහොම ඉන්නද අඬන්නේ නැතුව.. එයාට අමාරුවක් නැත්නම් එයා අයි සී යූ ඉදීද? මට අඬනවා ඇරෙන්න වෙන දෙයක් කියන්නවත් කරන්නවත් පුළුවං කමක් තිබ්බේ නෑ. "අඬන්න එපා බං.... උඹට හොඳ නෑ....උඹට අමාරුවක් නෑ නේද" මට අමාරුවක් දැනෙන්නේ නෑ. ඇඟේ අමාරුවට වඩා මගේ හිත කකියනවා. " එයාට මොකද වෙලා තියෙන්නේ නදීශ...." ඉකි ගහන අස්සේ මට ඇහුණා. "ඌ ටිකක් තදට හැප්පිලානෙ ඒ නිසා දැං ඔපරේෂන් එකක් කරලා අයි සී යූ දැම්මා. ඌට හරි යයි බං." මම නැගිටින්න හැදුවා. " මාව ගෙනියන්න එයා ලඟට නදී" මම වැන්දෙ නැති ටික විතරයි. "උඹට නැගිටින්න හොඳ නෑ කෙල්ලේ... උඹට පොඩ්ඩක් ශේප් උනාම අපි යමු" අපේ අම්මා කිසි දෙයක් කතා කලේ නෑ. එයා මගේ දිහා ඔහේ බලාගෙන හිටියා. "අම්මේ... මට මොකද වෙලා තියෙන්නේ..." මම ඇහුවා ඒත් එයාගේ උත්තරේ වෙනුවට මට ලැබුනේ ලොකු හුස්මක්. මට යන්න ඕනෙ මගේ චමත් බලන්න ඒත් කවුරුත් මාව ගෙනියන්නේ නෑ. කාටවත් ඒක තේරෙන්නේ නෑ. හැම වෙලේම මම හිටියේ තනි වෙලා. අම්මා ඇවිල්ලා ලෙඩ්ඩු බලන පැයම හිටියට මගේ තනිය මැකුනේ නෑ. මම ජීවත් උනේ පණ පිටින් මැරි මැරී...
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment