කෙසේ කියම්ද.....?

ඉර පායනවා... ඉර බැහැලා යනවා... මට වෙනසක් තිබ්බේ නෑ. ගහ කොල මල් මේ කිසි දෙයක් පෙනුනේ නෑ. කොටින්ම කියනව නම් මාව මම දැක්කේ නෑ. ඔහේ බලා ගත් අතේ බලාගෙන කල්පනා කරන්නෙ අතීතයද වර්තමානයද අනාගතයද කියලවත් මට දැනීමක් තිබ්බේ නෑ, ඒ දවස් වල අම්මා මා දිහා බලාගෙන ඇඬුවලු. කඳුලු පොදක්වත් නැති ඇස් දෙකට මට අඬන්න කඳුලු ආවෙත් නෑ. මැරුණු කෙනෙක්ගේ ඇස් වලට කඳුළු එනවා දැකලා තියනවද? චමත් මගේ අතීතය උනා කියන එක පිලිගන්න මම සූදානම් නෑ. අදටත් නෑ. කවදාවත්ම නැති වෙයි. එක දවසක් එකමත් එක රටක කියල පටන් ගත්ත කතාව ඉවරයි කියල දැනෙන්න ගන්නකොට මම මගේ මනසින් ලෙඩෙක් වෙලා ඉවරයි. කී පාරක් මම මගේ මරණය ලඟා කර ගන්න ඇද්ද? එක පාරවක් වත් මාරයට මාව ඕනෙ උනේ නෑ. මම ජීවත් උනා. මැරෙන එක ලේසි නෑ. මොන තරම් දුකක් විදිනවද මැරෙන්න එද්දි. ඒ හැම පාරම මම ඒ දුක විඳගෙන ජීවත් උනා. කරන්න කියන්න කිසි දෙයක් නෑ. මම හිතාගෙන හිටියෙ මම ජීවත් වෙන්න ඕනෙ නෑ කියලා. ඉඳලා හිටලා අරොලා ආවා, සෙනූ ආවා සුමා ආවා. එයාලට මගේ තත්වෙ බලං ඉන්න බැරි තැන එන එක අත ඇරියා. නානකාමරේ බිත්ති හතර අතුලේ මම කෑ ගහ ගහා අඬනවා. මට එන්න එන්න තේරුණා මම මේ දෙන්නේ මගේ රත්තරං අම්මාට දුකක් කියලා. ඒ නිසා මම අතුලතින් අඬුවත් පිටින් හිනා වෙන්න උත්සහා කලා. අනේ මම සාර්ථක උනා, දවස තිස්සේ හිනාවෙලා ඉඳලා මුලු දවසෙම එකතු කර ගත්ත කඳුළු රෑ තිස්සේ හලන්න මම පුරුදු උනා. ආයෙමත් රස්සවට ගියා මාස 6කට පස්සේ. එතන ඉන්න අය මාව පිලිගත්තා. ඒත් මට මාව පිලිගන්න බැරි වෙලා හිටියේ. අනේ දෙවියනේ.... මම වින්ඳ දුක මගේ හතුරෙක්වත් විඳින්න ලැබෙන්න එපා කියන එක තමයි මගේ එකම පැතුම උනේ. කඳුළු ඔක්කොම හිනාවෙන් හංගන් ඉන්න එක කොයි තරම් අමාරුද කියලා මම තරම් කවුරුත් දන්නේ නැතුව ඇති. සුමා පිටරට පදිංචියට ගියා, ඒකත් එයා මට කිව්වේ කෝල් කරලා. චමත් වටේ හිටපු යාලුවෝ කවුරුවත් ඊට පස්සේ මාව බලන්නවත් ආවේ නෑ. ඒ මම වැරදි කාරයෙක් නිසා වෙන්න ඇති. මොනා උණත් එක දවසක් අහම්බෙන් මට බස් එකේදි අඳුණන කෙනෙක් හම්බ උණා. මම අදුණනවා ඒත් කවුද මතක නෑ. " ඔයාට මාව මතක නැද්ද?" එයා මගෙන් ඇහුවා. " මතකයක් නම් තියනවා ඒත් කවුද කියලා නිච්චියක් නෑ" මම එහෙම කිව්වා. මේ පිරිමි පරාණයක්. " මම චමත්ගේ ෆියුනරල් ආවා... මගේ නම අචල, දැං මතකද?" ඒත් මතක නෑ අප්පා... මාව අමතක වෙලා තියන කාලේ වෙන අය මට මතක් වෙනවද?මම ලාවට හිනා උනා. " අනේ සොරී මට මතකයක් ඇත්තේම නෑනෙ" එයාටත් හිනා ගියා..." කමක් නෑ... ඔයාට දැං කොහොමද?" මම ටිකක් අන්දුන් කුන්දුන් උනා. " මට අවුලක් නෑ" මම එහෙම කිව්වා. " ඔව් හැමදාම ඔහොම ඉඳලා බෑනේ නේද?" මේ මොනාටද එන්න යන්නේ කියලා මට යන්තං වගේ තේරුණා. " මම කොහොම හිටියත් ඉන්නේ ඒ මතකය එක්ක...."මට එහෙම කියවුනා. එයාගේ කට වැහුණා....
මම කලේ හරි දෙයක්ද නැද්ද කියන එක මට තේරෙන්නේ නෑ ඒත් මම කලේ මට හරියි කියලා හිතුණ දේ. ඊට පස්සේ එයා මාත් එක්ක ඔය වගේ කිසි දෙයක් කතා කරන්න ආවේ නෑ.


9 comments:

පබලු said...

මම අද තමයි මේ කතාව කියෙව්වේ...හරිම ලස්සනට ඔයා ලියනවා.දිගටම ලියන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා..

Anonymous said...

ඔහුගේ ආදරයට කළහැකි උපරිම කෘතගුණ සැලකීම ලෙස මා දකින්නේ ඔබේ ජීවිතයට තවත් හොඳ අයෙක්ට ඒමට දොර විවර කිරීමයි.. නමුත් ප්‍රවේසමෙන්, බහුතරයක් ඉන්නේ කල දුටු කල වල ඉහගන්නෝමය..
ඔබගේ වියෝ වූ චමත් වෙනුවෙන් මාගේ දැඩි ශෝකය... ඔබ කියනා ආකාරයට ඔහු ඉන්නා තැනක සිට ඔබ දෙස බලා සිටිනවා ඇත.. ඔහු නිසා ඔබ දුක්වීම අගය කරමි.. නමුත් එලෙස දුක් වීම ඔහුටද දුකක් වනු ඇත.
ඔහු ඔබේ හිතේ සදාකල් ජීවත් වනු ඇත..
මා එලෙස ලොව හැර ගියානම් මාගේ එකම පැතුම වන්නේ මගේ රත්තරන් කෙල්ල වෙන හොඳ කෙනෙකු සමඟ සතුටින් සිටීවා යන්නය.
ඔහුද එසේ සිතනවා නිසැකය.. ඔහු වෙනුවෙන් ඔබට කළ හැකි දේ අපමණය.. මේ මාගේ අදහසයි..

http://lahirucc.wordpress.com/

Ishani..... said...

අද තමයි කතාව කියෙව්වෙ.... ඇත්තටම වුනු දෙයක්ද කියල නම් හිතා ගන්න අමාරුයි... මොකද අක්කා කියල තියෙනවනෙ "සමහර දේවල් මනඃකල්පිතයි" කියල. කොහොම වුනත් මේක ඇත්තටම වුනු දෙයක් නම්.... මට හිතා ගන්නත් අමාරුයි ඔයා කොහොම ජීවත් වෙනවද කියල
කොහොම වුනත් අක්කා හිතට වදින්න ලියලා තියෙනවා... සුභ පතනවා....

Siribiris said...

A sad story, indeed. We all are related to the story, someway or the other. In my case, nobody died, but they are as good as dead. There is famous saying here, “You can’t predict three things, weather, work and women (I guess it means the ever changing human nature in relationships regardless of gender), ever.

Coming from traditional Asian background, I could not understand why they are saying that, at first. After many failed relationships and spending a considerable time in this frozen land, I do understand what they meant, now. Real life is no fairy tale story, by any means. Sometimes you have to fight hard, just to survive. Every thing has a prize, and relationships are no exceptions. You have to accept the life as it is and make your plans accordingly. Even then, there is no guarantee for success, every time. I believe our expectations are the driving force what keep us alive and brings some happiness to our lives. You can’t linger in your perfect wonderful memories from past forever, as they are not real anymore. Sooner or later, you have to face the reality. Only reason why your memories are effect because they live in your imagination and the real is not.

Siribiris said...

හත් ඉලව්වයි! එක්කෝ මට ආයි ඉංග්‍රීසි පන්ති යන්න වෙනවා, නැතිනං මේ උලව් MS Word එක, auto-correct කොරලා total bullok ලියනවා. කොහොම උනත් අන්තිමටම මට කියන්න ඕනා වුනේ මේකයි:

Only reason why your memories are perfect, because they live in your imagination and the reality is not.

hansi said...

ada tamai katawa kiyewwe..... mul tika harima fun.at antima weddi aduna...meka attama katawaknam wenna apa.

රාවණා said...

මේක ඇත්ත කතාවක් නෙමෙයි නේද දුල් අක්කා......? අනේ ඇත්ත කතාවක් කියලනම් කියන්න එපා.

දුල්හරි ඉලංගකෝන් said...

meka atta kathawak.

නජාත් අක්‍රම් said...

E kiyanne oyage kathawa da??Mata hithenne ehema newei kiyala...Meka oya danna kathawak da?Nathnam oyage ma kathawa da??

Post a Comment