අවසන් කඳුල

අහස උසට හිතුවත් මම හැමදාම ප්‍රාර්ථනා කලේ අයේ සතුට. ඒත් මගේ හිතේ එකම දුක තිබුනේ මට සතියක්ම චමත්ගේ මූණවත් කටහඩවත් දකින්නවත්,අහන්නවත් ලැබුනේ නැති එක. ඉස්පිරිතාලේ ඇඳට වෙලා ඔහේ ඉන්නකොට මට හිතුනේම අපේ වෙඩිං එක ගැන හිතන්න. මම කැමති උනේ සාරිය අඳින්න.. ඔසරියට වඩා. ලා නිල්පාට ෆොගෙට් මී නොට් මල් වලින් හදපු බොකේ එකක් තමයි ඉඳලා හිටලා හිතෙන් හිතා ගත්තේ. නදීගෙන් මම චමත් ගැන අහනකොට එයා කිව්වේ..." ඌට හොඳයි බං, අද හෙටම වෝඩ් එකට දායි" කියලා. ඉතිං එයාවත් මගේ ලඟින්ම වෝඩ් එකට දානකන් මම හීන දැක්කා අපේ වෙඩිං එක ගැන. අපි ඇක්සිඩන්ට් වෙලා සතියක් ගියා. එක දවසක් උදේ තරුණ නර්ස් කෙනෙක් මගේ ළඟට ආවා. " චමත්ව ඔයා අඳුනනවා නේද?" මම ටිකක් කලබල උනා. කවුරුත් මට මේ ඉස්පිරිතාලේ චමත්ව මතක් කරන්නේ නෑ." ඔව්" මම කලබල උන නිසා වෙන්න ඇති එයා හීනියට හිනා උනා. " ඔයාට අවිදින්න අමාරුද?" එයා මගේ කකුල දිහා බලලා ඇහුවා. " නෑ මට පුළුවන්" මම නැගිටින්න උත්සහ කලා." නෑ නෑ මම වීල් චෙයාර් එකක් ගේන්නම්" එයා ටිකක් එහාට ගිහිං රෝද පුටුවක් එක්ක මා ළඟට ආවා. " මට කියන්න එයාට කොහොමද?" මම එයාගෙන් අහුවේ එයාගෙ උදව්වෙන් අර රෝද පුටුවේ ඉඳගන්න ගමන්...... එයා මොකුත්ම කිව්වේ නෑ. මම එයාට අනේක වාරයක් හිතින් පිං දෙන්න ඇති. එයා මට පෙනුනේ මගෙ දුක දැක්ක දේවතාවියක් වගේ... එයා මාව අයි සී යූ එක ඇතුලට එක්කං ගියා. අනේ දයියනේ මගෙ ඇස් දෙක අදහාගන්න බැරි උනා. චමත් ඉන්නවා ඇඳේ නිදාගෙන. ඇඟේ හැමතැනම වයර්, එක පැත්තකින් ලේ බෝතලයක් එල්ලලා, අනිත් පැත්තේ සේලයින් බෝතලයක්. එයාට වම් පැත්තේ මෙෂිමක් වැඩ කරනවා. මූණ වැහෙන්නම ඔක්සිජන් එක දාලා. මට කෑ ගැහිලා ඇඬුනා. නර්ස් මගේ උරෙස්සට පොඩි තට්ටුවක් දැම්මා.... " පස්සේ එයා ළඟටම මාව එක්කන් ගියා. එයාගෙ ඔලුව ඔක්කොම සුදු බැන්ඩේජ් වලින් වෙලලා..... චමත් ඇස් දෙක ඇරියා.... ඒ ඇස් වල තිබූනේ වෙනදාවගේම ආදරයක් " අර නර්ස් ඔක්සිජන් එක පොඩ්ඩක් මෙහාට කලා " අඬන්න එපා කෙල්ලේ..." අමාරුවෙන් කිව්වා... මට තව ටිකක් හයියෙන් ඇඬෙන්න ගත්තා.... " මට ඔයාව බලන්න ඕනෙ උනා ඒකයි කරදර කලේ" එයා වෙලාවකට කතා කලේ හුස්ම හිර වෙවී. මම වෙලුම් පටි වලින් බන්දලා තිබ්බ ඒ අත අල්ල ගත්තා. " ඔයාට ගොඩාක් අමාරුයි චමත්" මටත් ඒ අමාරුව දැනනවා වගේ දැනුනා... " මට හොඳයි දැං" එයා එහෙම කිව්වා. ඔව් හොඳ වෙන්න ඕනේ.. නැත්නම් මෙච්චර තුවල වෙලා මාත් එක්ක කතා කරගන්න පුලුවන් වෙන්නේ කොහොමද? මම පුංචි සතුටක් ආවා. " අද මට ඕල් ද බෙස්ට් කියන්නේ නැද්ද?" එයා හදිස්සියේම එහෙම ඇහුවා. " ඒ ඇයි..?" මට ඉබේටම ඇහුනා " අද දවසට" එයා අමාරුවෙන් හිනා උනා" මම මගෙ මුළු හදවතින්ම ඕල් ද බෙස්ට් කිව්වා. ඒක අහලා එයාගේ ඇහැකින් එක කඳුලක් කඩාගෙන වැටුනා. මම මගේ ජීවිතේ පළවෙනි වතාවට එයාගෙ ඇස් වල කඳුළු දැක්කේ... මගේ ඇස් දෙක ආයේ තෙත් උනා. ඒ එක්කම අර නර්ස් ඇවිල්ලා චමත්ගෙ නහයට ඔක්සිජන් එක දැම්මා. ඊට පස්සේ මා ළඟට ඇවිල්ලා රෝද පුටුව පස්සට ඇද්දා " මට මෙතන ඉන්න බැරිද සිස්ටර්" මට එක පාරටම එහෙම ඇහුනා " මෙතන කාටවත් ඉන්න දෙන්නේ නෑනෙ... " එයා මාව ආයේ වෝඩ් එකට ගෙනිච්චා " අද එයාට හොඳයි.... එයා ඊයේ වෙනකං කතා කරගන්නවත් බැරුව හිටියේ.... " නර්ස් මට ඒක කිව්වේ මගේ හිතත් සතුටක් ඇති කරමින්. අනේ ඒ කියන්නේ චමත් ටික ටික සනීප වෙනවා.... සතියකට පස්සේ මට මගේ ඇඳේ නින්ද ගියා. හොඳටම නින්ද ගියා...... මම අළුත් දවසක් පටන් ගන්න වගේ ගොඩාක් දවල් උනාට පස්සේ ඇහැරුනා... අම්මා ඇවිල්ලා හිටියා මගෙ ලඟ, ඒ විතරක් නෙවෙයි, නදී, අරෝ, සුමා... ඔක්කොමලා. මට පොඩි සතුටක් ආවා " දන්නවද නදී අද චමත්ට හොඳයි... එයා මාත් එක්ක කතා කලා" මම සතුටින් කිව්වා. අරෝ එක පාරටම අඬන්න ගත්තා.... සුමාත් අහක බලා ගත්තා... අම්මා මගේ ඔලූව පපුවට තද කර ගත්තා.. එයත් අඬනවා වගේ " ඇයි මේ ඔක්කොමලා?" මම නදී දෙස බැලුවා. නදී බිම බලා ගත්තා.... මොනව නමුත් මොකක් හරි දෙයක් මෙතන තියන බව මට දැනුනා.... " " කියපල්ලකො... ගල් ගිලලාද?" මට ටික වෙන්න තද උනා. " චමත්..... දැං අපි එක්ක නෑ මචං" නදී එක පාරටම කිව්ව දේ මට තේරුනේ නෑ. " චමත් මීට පැය භාගයකට විතර කලිං නැති උනා" නදී පැහැදිලි කලා. මම උඩට ගත්ත හුස්ම පහලට ගන්න බැරි උනා. මමත් මැරුනා වගේ උනා.... අන්තිම වතාවට මගේ කටින් අවසන් ගමනටත් සුභ පැතුවට පස්සේ තව මොනා කරන්නද? මට ඇඬුනේ නෑ. මොනා උනාද දන්නේත් නෑ. මමත් මැරුනාද කොහෙද....





3 comments:

Anonymous said...

meka nam godak duka hithena kotasak.... lassanata liyala thinawa.meka aththama kathawakada ? ane ithiri tikath liyanna dula.

Nasha

ලහිරු චානක said...

කියවන්න බෑ.... මම සංවේදී වැඩියි...
ඇස් දෙකට ආපු කඳුළු පනින්න කලින් මම මේක කියවන එක නැවැත්තුවා...
මේ වගේ ආදරයක් මම දන්න තරමින් අද ලැබෙන්නේ මගේ එක්කෙනාට විතරයි..
ඔයා එයාගේ ආදරය කවදාවත් අමතක කරන්න එපා.. ඔයා එයා ගැන මතක් කරන හැම පාරම ඔයා එයාට දෙවනි ජීවිතයක් දෙන බව අමතක කරන්න එපා...

Sudu Manike(මැණික්) said...

ඔයගේ බ්ලොග් එක මුල ඉදන් කියෙව්වා.......
මුල පෝස්ට් වලට හොදට හිනා වුනා....
හිතුවේ නෑ අවසානය මේ වගේ දුකින් අවසන් වෙයි කියලා
ඇත්තටම ඇඩුනා අක්කේ
මේක ඇත්ත කතාවක් ද කියන්න...............

Post a Comment