අප පාසල් ගිය කාලයේ.....

ජීවිතය බරයි වියදම සැරයි අපි කාටත් එහෙමයි.... රේඩියෝ එකේ නිතරම ගිය වචන පේළියක්. ජීවිතේ බරකුත් නැති වියදම ගැන ගානකුත් නැති කාලයක් අපි ලඟම තිබුණා. ඒ ඉස්කෝලෙ කාලේ. හැම දේටම තිබුණේ එක තාලයයි. හැම කෙනාටම තිබ්බේ එක හීනයයි. අපූරුම අපූරු අත්දැකීම් ගොඩක් එක්ක අවුරුදු 13ක්ම ජීවත් උනේ එතන. සුදුම සුදු නිල ඇදුම දුප්පත්ද පෝසත්ද කියල හොයාගන්න ඉඩ තිබ්බේ නෑ. ඒ කාලේ මූ දුප්පතා.. මූ පෝසතා කියලා හංවඩු ගහන්න උවමනාවක් තිබ්බේ නෑ. මොකා උනත් එකට වැටිලා මිස් පාඩම කරද්දි මේස යටින් ඉදන් කන්න නම් පුරුදු වෙලා හිටියා.
උදේ ඉදං ඉන්ටවල් එක වෙනකන් කනවා. අන්තිමට ඉන්ටවල් එකට කන්න දෙයක් නෑ. කාගෙ හරි බත් එකක්ට සෙට් වෙනවා.... ඕක තමයි ජීවිතේ. ඔය කාලේ හොඳම යාලුවො කියල කොටසක් ඉන්නවා.. යාළුවෝ කියල තවත් කොටසක් ඉන්නවා... ඒ කාලේ හොඳම යාළුවා කිව්වේ පන්තියේ හිටිය එකට වල බහින්න කැමතිම එකාට. අපේ වචනේන් කියනවා නම් බුදු ෆිට් එක. මටත් හිටියා බුදු ෆිට් එකක් පොඩි පොඩි පන්තිවල් ඉඳලා ඉඳලා අපි ඕලෙවල් කරන්නත් එකම පන්තියට සෙට් උනා. සමහරු ෆිට් එක වෙන පන්තියකට ගියා කියල හොටු පෙරාගෙන අඬද්දි මම මාර විදියට සතුටු උනා. අපි දෙන්නා එක පංතියේ... මරේ මරු මට හිතුනේ එහෙමයි. එයාත් එහෙම හිතෙන්න ඇති. නැද්ද දන්නෙ නෑ. එයාට නොදකිං මේ සැරෙත් මම මේකි එක්කනෙ. එක අවුරද්දක් නෙවෙයි අවුරුදු තුනක්. කියලා හිතුවද දන්නේ නෑ. එයා මොනා හිතුවත් මම නම් බොක්කෙන්ම සතුටු උනා.


9 වසරදි උන දේවල් ..... පස්සේ ලියන්නම්

2 comments:

Anonymous said...

mata ada thamai oyage me kathawa hambune.mama oyage anith kathath digatama kiyawanawa.ath me kathawa athara mada nathara karalane.digatama mekath liuwanam shok.anith ayatath kiyawanna puluwan wenna meka danna.hamoma asawen kiyawai

රාවණා said...

මට උනේ වෙනස් දෙයක් .... මම ට්‍රයි කරපු කෙල්ල කලින් හිටියෙ වෙන පන්තියක උසස් පෙලදි ඒකි මගේ පන්තියටම ව‍ටුනා..... උනේ හොඳක්ද නරකක්ද කියන්න මට තාමත් තෙරෙන්නෙ නැහැ ... ඒත් මම ඒකිට අවුරුදු 9ක් තිස්සෙ ට්‍රයි කලා විතරයි ඒකි මට කැමති උනේ නැහැ.... ඒත් ඒ අවුරුදු 9ට වෙන කොල්ලො හතර දෙනෙකුටම ඒකි කැමති උනා...

Post a Comment